fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වන තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 10:02

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වන තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් ජය වාර්තා කිරිමට සත්කාරක ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්.

පර්ත්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 122ක් රැස් කළා. නායක චමරි අතපත්තු ලකුණු 50යි. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා. එහිදි සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සබදතාවයක් ගෙඩනැගීමත් සමග තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා. පන්දු යැවිමේදී උදේශිකා ප්‍රබෝධනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 02ක බැගින් බිද හෙලුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 10:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්