fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

35වන ජාතික ඔරු පැදිමේ තරගාවලියේ සමස්ත ශුරතාව යුද හමුදා කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 09:12

35වන ජාතික ඔරු පැදිමේ තරගාවලියේ සමස්ත ශුරතාව යුද හමුදා කණ්ඩායමට

35වන ජාතික ඔරු පැදිමේ තරගාවලියේ සමස්ත ශුරතාව දිනා ගැනිමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වුනා.

අනුශුරතාව දිනා ගත්තේ නාවික හමුදා කණ්ඩායමයි. තරගාවලිය දින හතරක් පුරා බත්තරමුල්ල දියවන්නා ඔය ඔරු පැදිමේ පරිශ්‍රයේදී පැවැත්වුණා. කණිෂ්ඨ අංශයේ බාලක ශුරතාව ශාන්ත තෝමස් විද්‍යාලය දිනා ගත්තා. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය එම අංශයේ අනුශුරයන් බවට පත් වුණා. එම තරග අංශයේ බාලිකා ශුරතාව කොළඹ කාන්තා විද්‍යාලය දිනා ගනිද්දි  අනුශුරතාව හිමි කර ගත්තේ කොළඹ බිෂොප් විද්‍යාලයයි. මේ අතර යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක ඔරු පැදිමේ තරගයක් ද පැවැත්වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ඔරු පැදිමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ මළල ක්‍රිඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2020 09:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්