fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව යළි කැඳවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 17:09

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද යළි කැඳවූවා.

කරන්නාගොඩ මහතා අද දිනයේද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට සිතාසි ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය ලැජ්ජා විය යුතු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කළා. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළ මෙම නඩුව ලබන මස 20 වනදා යළි කැදවීමට නියමිතයි. නඩුවට අදාළ විමර්ශනවල මුල් ලේඛන ජනාධිපති කොමිසන් සභාව සහ රහස් පොලීසිය වෙත භාර දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. නඩුව මාර්තු 20 වනදා යළි කැදවීමට නියමිතයි.

මේ අතර වන අලි ආරක්ෂා කිරීමට  ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම මාර්තු 26 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කළා. පරිසර යුක්ති කේන්ද්‍රයයි එය ගොනු කර ඇත්තේ. පසුගිය වසරේ මුල් මාස නවය තුළ වන අලි 293 ක් ඝාතනය කර ඇති බවත්,වන අලි පහරදීමෙන් පුද්ගලයන් 93 දෙනෙකු මියගොස් ඇති බවත්  පෙත්සම්කරුවන් පවසනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්