CRFC සමග පැවති දෙවන අදියරේ තරඟයේ ජය මහනුවර ක්රීඩා සමාජයට
Related Articles
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමග පැවති දෙවන අදියරේ තරඟය ලකුණු 39 ට 15ක් ලෙස ජය ගැනිමට මහනුවර ක්රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
මහනුවර නිත්තවෙල ක්රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට මහනුවර ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 10ක් ලබා සිටියා. එම අර්ධයේදී සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලබා සිටියේ ලකුණු 03 ක් පමණයි. තරඟයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී අක්රමණශිලි තරඟ රටාවක නිරත වු මහනුවර ක්රිඩා සමාජ කණ්ඩායම ලකුණු 39 ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. ඒ වන විට සීආර් ඇන්ඩ් එෆ්සී රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 15 ක් පමණයි.