fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CHFC රග්බි කණ්ඩායම ගුවන් හමුදා රග්බි කණ්ඩායම පරදවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 13:09

CHFC රග්බි කණ්ඩායම ගුවන් හමුදා රග්බි කණ්ඩායම පරදවයි

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා  ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති දෙවන අදියරේ තරගය ලකුණු 26ට 17ක් ලෙස ජය ගැනිමට සීඑච් ඇන්ඩ් එෆ්සී රග්බි කණ්ඩායම සමත් වුණා.

කොළඹ නවතුරග තරග පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට සීඑච් ඇන්ඩ් එෆ්සී රග්බි කණ්ඩායම ලකුණු 12ක් ලබා සිටියා. එම අර්ධයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 05 ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී අක්‍රමණශිලි තරග රටාවක නිරත වු සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රිඩකයින් ලකුණු 26 ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 04ක් සහ ප්‍රවර්තන 03ක්  ඇතුලත්.  ඒ වන විට ගුවන් හමුදා  රග්බි  කණ්ඩායම ලබා සිටියේ ලකුණු 17 ක් පමණයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 13:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්