පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය තව සුළු වේලාවකින් ආරම්භ වනවා.
නවසීලන්තයට එරෙහිව සහභාගි වූ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නියන් තිදෙනෙකු සමග තරගයට සහභාගි වුවද ඕස්ට්‍රේලියාවට එරෙහිව දගපන්දුයවන්නියන් සිව්දෙනෙකු සමග මෙම තරගයට පිවිසිමට තීරණය තර තිබෙනවා. ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි යන දගපන්දු යවන්නියන්ට අමතරව සත්‍යා සංදිපනි හෝ උමේෂා නිමේෂනි කණ්ඩායමට ඇතුලත් වීමට නියමිතයි. තණතිල්ල පරික්ෂා කර බලා ඒ අනුව අවසන් සංචිතය තෝරා ගැනෙනු ඇති. ප්‍රබල ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම මිට පෙර සිව්වරක් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ශුරතාවය දිනා ගෙන තිබෙනවා.