fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාව පරදා දකුණු අප්‍රිකාවට ලකුණු 12ක තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 09:48

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

පෝර්ට් එලිසබෙත්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවි ලකුණු 158ක් රැස් කළා. ක්වෙන්ටන් ඩීකොක් ලකුණු 70යි. පන්දු යැවිමේදී කේන් රිචර්ඩ්සන් ලකුණු 21කට කඩුලු 02ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 146ක් පමණයි. ඩේවිඩ් වෝනර් ලකුණු 67 යි. පන්දු යැවිමේදී ලුන්ගි එන්ගිඩි කඩුලු 03ක් බිඳ හෙලුවා. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් යුත් තරගාවලිය මේ වන විට තරග එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 09:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්