හයිටි රාජ්‍යයේ පොලීසිය සංවිධානය කළ උද්ඝෝෂණයක් උණුසුම් වාතාවරණයක් ගෙන තිබුණා.
වැටුප් වැඩි කිරීම සඳහා පොලීසියේ තත්ත්වය උසස් කිරීම සිදුකරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. උද්ඝෝෂණ වලට සිවිල් වැසියන් ද එක්ව සිටියා. මේ සඳහා හයිටි රාජ්‍යයේ ඇතැම් පොලිස් ස්ථානවල නිලධාරීන් සිය දායකත්වය ලබා දුන්න ද ඇතැමුන් ඊට විරුද්ධ වී තිබෙනවා. උද්ඝෝෂණය අතරතුර වෙඩි තැබීම් කිහිපයක්ද සිදුව ඇති අතර එය කවුරුන් සිදු කළේ ද යන්න තවමත් හෙළිව නැහැ. උද්ඝෝෂකයින් ටයර් පුළුස්සා දමමින් ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ලකරමින් කලහකාරී ලෙස හැසිරුණු බව සඳහන්.