fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගයේ මාතර – හම්බන්තොට කොටසේ රථවාහන ධාවනය අද සිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 08:26

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ වීවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසේ රථවාහන ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. එම කොටසේ බස් රථ පළමු මගී බස් රථය හෙට පෙරවරු 8.30ට ධාවනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

හම්බන්තොට මත්තල කොළඹ යාකරමින් ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර ඊයේ විවෘත කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටසයි මෙසේ විවෘත කෙරුණේ. හම්බන්තොට වරාය , මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට දීර්ඝතම අධිවේගයයි. එහි සම්පූර්ණ දිග කිලෝමීටර් 222ක්. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා ගමන්කරද්දී සියලු පිවිසුම් මාර්ග අසළ රැදී සිටි ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටසේ දිග කිලෝමීටර් 58 ක්. වැය වූ මුදල රුපියල් බිලයන 169 ක් පමණ වනවා. පාලටුව සිට හම්බන්තොට දක්වා දුර කිලෝමීටර් 96ක්. අදියර 4ක් යටතේ මාතර – බෙලිඅත්ත ,බෙලිඅත්ත – බරවකුඹුක, බරවකුඹුර – අන්දරවැව හා අන්දරවැව – මත්තල කොටස් ඉදි කෙරුණා. ඊට වැය වූ මුදල රුපියල් බිලියන 225ක්. දක්ෂිණ අධිවේගයේ ගමන් කිරීම තුළින් කොළඹ සිට පැය තුනහමාරකදී කතරගමට ළගා විය හැකියි.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අධි සුඛෝපභෝගී බස් රථ සේවාවන්හි ප්‍රවේශ පත්‍රවල මිල ගණන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ සිට හම්බන්තොට දක්වා අය කරන මුදල රුපියල් 880ක්. තංගල්ල සහ කොළඹ අතර බස්ගාස්තුව රුපියල් 680යි. හම්බන්තොට මාකුඹුර අතර රුපියල් 810 ක් අයකරනවා. දක්ෂිණ අධිවේගයේ මාකුඹුර සිට තංගල්ල දක්වා ගමන් කිරීම සඳහා අය කරන බස් ගාස්තුව රුපියල් 610ක්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2020 08:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්