පරිසරය සුරැකීමට විදේශ රටවල අනුගමනය කරන ක්‍රමවේද අධ්‍යයනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මැල්සිරිපුර මඩහපොල ආලකමන්දාව බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අහස් වෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොත නිරාවරණයෙන් අනතුරුව අලුතින් ඉදිකිරීමට නියමිත විශ්ණු දේවාලය සඳහා මුල්ගල තැබීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. එහිදී නා පැලයක් රෝපණය කිරීම සිදු කෙරුණා. පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම ස්වාමීන්වහනසේගේ 45 වන ජන්ම දිනය සහ පැවිදි දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් මහා සංඝයා වහන්සේ වෙත දහවල් දානමය පින්කමක්ද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=lIRTNo8vAEo&feature=youtu.be&fbclid=IwAR3B7-VnmH9w_deHRp6abe9KDKnoau4upLt-rOEgnNnJh8x9bxOE7hVZ9YU”]