fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කි ඉරාන දේශසීමා ආසන්නයේ සිදු වූ භූකම්පනයකින් 08 දෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 16:49

තුර්කි ඉරාන දේශසීමා ආසන්නයේ සිදු වූ භූකම්පනයකින් 08 දෙනෙකු මිය යයි

තුර්කි ඉරාන දේශසීමා ආසන්නයේ සිදු වූ රිච්ටර් පරිමාණ ඒකක 5.7 ක ප්‍රභල භූකම්පනයකින් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස්  තිබෙනවා.

භූකම්පනය තුර්කියේ වෑන්ග්  ප්‍රාන්තයට වැඩි බලපෑම් එල්ල කර ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ගොඩනැගිලි 1066 ක්  විනාශ වී ඇති බව සදහන්. කිලෝමීටර් 05 ක පමණ භූ අභ්‍යන්තරයේ මෙම භූකම්පනය හටගෙන තිබෙනවා. නගර 43 කට භූකම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බව සදහන්. විපතට පත් පුද්ගලයින් බේරාගැනීම සදහා සහන කණ්ඩායම් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  ඉරානයත් තුර්කියත් ලෝකයේ භූකම්පන වැඩි වශයෙන් සිදුවන රටවල් දෙකක් ලෙස හදුනාගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 16:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්