fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිය හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 12:44

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී හෙට ආරම්භ වනවා.

හෙට ආරම්භවන මෙම සැසිවාරය මාර්තු මස 20 වන දින තෙක් පැවැත්වීමට නියමිතයි. පසුගිය ආණ්ඩුව විසින් එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිතව ඉදිරිපත් කරන ලද යෝජනාව ඉවත්කර ගැනීමට රජය කටයුතු කළා. ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30/1 සහ 40/ 1 යෝජනා මඟින් රටේ සෛරීභාවයට හානි සිදුවන බවයි කැබිනට් මණ්ඩලය තීරණය කළේ. එබැවින් ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනා ආපසු කැඳවා ගැනීමට කැබිනට් අනුමැතිය පළවුණා. එහෙත් සංහිදියා වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි රජය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ලබන 26 වනදා කරුණු දැක්වීමට නියමිතයි.  විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරය අතරතුරදී ලබන 27 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මුණ ගැසීමට නියමිතයි. අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳ වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ මෙවර මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්