ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
Related Articles
වියළි කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ විසිඅට දහස් හාරසිය හැට නවයක් පීඩාවට පත්ව සිටිනවා. ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් 54,329 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පීඩාවට පත් ජනතාවට පානීය ජලය ඇතුළු නෙකුත් පහසුකම් සැපයීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අඛණ්ඩව සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. වියළි කාලගුණයත් සමඟ පැය 24 පුරා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම දුෂ්කර වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ජල විදුලි නිෂ්පාදනය ද පහතවැටී ඇත්තේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙනුයි. එහෙයින් විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.