පිළියන්දල දැල්හැර ප්රදේශයේ කුලී නිවසක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි මවක් සහ දියණියක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසන්නේ. සැකකරුවන් සතුව තිබී මත්කුඩු ග්රෑම් 500 ක් සහ පැකට් කරන ලද මත්කුඩු පැකට් 2000ක් පොලිස් භාරයට ගැනුණා. සැකකාර මව සහ දියණිය අදාළ නිවස මාස 4 කට පමණ ඉහතදී රුපියල් විසිපන්දහසක කුළී පදනම මත ලබා ගෙන තිබෙනවා. ඔවුන් මත්කුඩු පැකට් කර මොරටුව ප්රදේශයේ බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් කැස්බෑව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කළුතර ප්රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවියේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කෙට්ඨාස අපරාධ විමර්ශන අංශය මාගස්හන්දිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්පෙති 3000 ක් සහ හෙරොයින් ග්රෑම් 3 ක් ද සොයා ගැනුණා.