ශ්‍රී ලංකාව සමඟ පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන බටහිර ඉන්දිය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.
කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුලත්. 20-20 සංචිතයට ඇන්ඩ්‍රි රසල් , ඔෂේන් තෝමස් , ශායි හෝප් සහ ෆේබියන් ඇලන් කැඳවා තිබීම විශේෂත්වයක්. ශාරීරික යෝග්‍යතාව සුදුසු තත්ත්වයක නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමි වූ ශිමරන් හෙට්මයර් ද කොදෙව් 20-20 සංචිතයට කැඳවා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20-20 තරගාවලිය ලබන මස හතරවනදා ආරම්භ වීමට නියමිතයි.