fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයේ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 10:03

ස්පාඤ්ඤයේ ඇතිවී තිබෙන සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් රැසක් අත්හිටුවා තිබෙනවා.

ඇතිවී තිබෙන අයහපත් කාලගුණය සමඟ ගුවන් ගමන් 19 ක් පමණ අත්හිටුවීමට කටයුතු කළ බවයි ස්පාඤ්ඤ බලධාරීන් සඳහන් කරන්නේ. එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ සුලි කුණාටු තත්ත්වය පැයට කිලෝමීටර 120කට වැඩි වේගයකින් හමා යන බවයි. ග්‍රෑන් කැනේරියා ලැන්සාරොටේ ඇතුළු ප්‍රදේශ කිහිපයක් සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක්වනු ඇති බව  කාලගුණ අංශ පවසනවා.

මේ අතර කැනරීස් වැනි සංචාරක පාරාදීසයන් ද සුළි කුණාටුව සමඟ වසා දැමීමට ස්පාඤ්ඤ බලධාරීන් පියවර ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2020 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්