දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට දිගුව අද පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට දිගුව ජනතා අයිතියට පත් කිරීම පාලටුව පිවිසුම අසලදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අධිවේගී මාර්ගයේ මෙම කොටස විවෘතවීමත් සමඟ ජනතාවට පහසුකම් රැසක් හිමිවනවා. මෙම අධිවේගී මාර්ග දිගුවේ ඉදිකිරීම් සඳහා රජය වැයකළ මුදල රුපියල් බිලියන 168.7 ක්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කටුනායක දක්වා සැහැල්ලු වාහන සඳහා අය කෙරෙන මුදල රුපියල් 1000 ක් වන අතර මත්තල සිට කටුනායක දක්වා සහ පෑලියගොඩ සිට හම්බන්තොට දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 950ක්. මත්තල සිට කොට්ටාව දක්වා රුපියල් 750ක ගාස්තුවක් ද හම්බන්තොට සිට කඩවත දක්වා රුපියල් 900 ක ගාස්තුවක් ද අය කෙරෙන අතර කඩුවෙල සිට හම්බන්තොට දක්වා සහ අතුරුගිරිය සිට හම්බන්තොට දක්වා අය කෙරෙන මුදල රුපියල් 850ක්. මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා රුපියල් 400ක ගාස්තුවක් ද පින්නදූව සිට හම්බන්තොට දක්වා රුපියල් 500 ක ගාස්තුවක් අයකිරීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර පින්නදූව සිට මත්තලට අය කෙරෙන ගාස්තුව රුපියල් 450 ක් බවද නිවේදනය කර තිබෙනවා.