fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන්ට දැනෙන සටනක් දී ශ්‍රී ලංකාව තියුණු ජයක් ලබයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 18:12

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු එකක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තීරණය කළා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 289ක් රැස් කළා. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක් ලබා සිටියදී බිද වැටුණා. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු ශායි හොප් ලකුණු 115 රැස් කළා. ඊට හතරේ පහර 10ක් ඇතුලත්. රොස්ටන් චේස් ලකුණු 41ක් සහ ඩැරන් බ්‍රාවෝ ලකුණු 39ක් ලබා ගත්තා. කීමෝ පෝල් නොදැවි ලකුණු 32 යි. පන්දුයැවිමේදී ඉසුරු උදාන ලකුණු 82කට කඩුලු 03ක් බිද හෙලුවා.

ජයග්‍රහණය සදහා ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 09ක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක අගනා සබදතාවක් ගොඩනැගුවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 52යි. පන්දු යැවිමේදී අල්සාරී ජෝසප් කඩුලු 03ක් බිද හෙලුවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 18:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්