fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම්බලන්මුල්ල කසල අංගනයේ ඇතිවූ ගින්නෙන් කඩොලාන පරිසරයට හානියක් සිදුවී නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 16:56

සීදූව අම්බලන්මුල්ල, කසල අංගනයේ ඇතිවූ ගින්නෙන් කඩොලාන පරිසරයට හානියක් සිදුව නැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා.

අම්බලමුල්ල කසල අංගනයේ හටගත් ගින්නෙන් අවට කඩොලාන පරිසරය ද විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළවී තිබුණා. ඇතැම් වාර්තාවලින් කියවුණේ කඩොලාන පරිසරයට පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බවයි.

මෙම ප්‍රදේශය බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොල මහත්මියගේ නිරීක්ෂණයට ලක්වුණා. ඇතිවූ ගින්නෙන් බරපතල විනාශයක් වීමට ඉඩ නොතබා එය නිවා දැමීමට කටයුතු කළ නිලධාරීන් ඉටු කර ඇත්තේ ප්‍රසංශනීය සේවාවක් බවයි ආණ්ඩුකාරවරිය මෙහිදී ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්