පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගෙන් කප්පම් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාට සමාජ මාධ්‍යවලින් එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා දෙන ලෙස ඉසාම් මරුසු නමැත්තෙකු දැනුම් දී තිබෙනවා. ඔහු මහජන සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙසයි හැදින්වෙන්නේ.
එම කප්පම් මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ පහක් ලබා ගැනීමට යාමේදීයි අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.