fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාවේ සිටින ශ‍්‍රී‍්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 16:10

නව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටින් වෛරසය දකුණු කොරියාවේ පැතිරීම වේගවත්විමත් සමග එරට සිටින ශ‍්‍රී‍්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ සෝල් අගනුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්. වෛරසය ආසාධනයවීම වලක්වාගත හැකි ආකාරය මෙන්ම කිසියම් රෝග ලක්ෂණයක් පවතීනම් ගතයුතු පියවර ද උපදෙස් මාලාවට ඇතුලත්.

එමෙන්ම හදිසි අවශ්‍යතා සදහා භාවිත කළ හැකි පැය 24 පුරා ක‍්‍රියාත්මක දුරකථන අංක කිහිපයක්ද දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

(0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968

මේවන විට කිසිදු ශ‍්‍රී ලාංකිකයෙකුට කොරෝනා රෝග ලක්ෂණයක් හෝ මතුව නොමැති බවයි තානාපති කාර්යාලය නිවේදනය කළේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්