fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

30/1 යෝජනාවෙන් ඉවත්වීම ගැන විදේශ ඇමතිගෙන් ජීනීවා මානව හිමිකම් කොමිසමට පැහැදිලි කිරිමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 15:52

30/1 යෝජනාවෙන් ඉවත්වීමට ශ්‍රී‍්‍ර ලංකා රජය ගත් තීරණය ජීනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

කවුන්සලයේ 43 වන සැසිවාරය ලබන සඳුදා ආරම්භවීමටයි නියමිත. ලබන බදාදා තමා කවුන්සලය අමතන බව අමාත්‍යවරයා  සඳහන් කළා.

ඇමරිකාව සහ ශ්‍රී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහය යටතේ ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත්වීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

මේ අතර ශ්‍රී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවක් මානව හිමිකම් කවුන්සලයට ලබන බ‍්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමටයි නියමිත. ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂල් බැස්ලේ මහත්මිය සකස් කළ එම වාර්තාව සාකච්ඡාවට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo