ජපාන නාවික හමුදාවට අයත් තකනාමි නෞකාව කොළඹ වරායට සේන්දු වුණා.
කොළඹ වරායට පැමිණි මෙම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමටයි නාවික හමුදාව කටයුතු කළේ. නෞකාවේ අණදෙන නිලධාරී ඇතුලු නිලධාරීන් පිරිස පිළිගනු ලැබුවේ බටහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතායි.
මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග්, නැගෙනහිර නාවික විධානයේ සංචාරයකට එක්වුණා. නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා මුණගැසී වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි වන් ඩොන්ග් මහතා කටයුතු කළේ.
ගුවන් හමුදාවේ 41 වන මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරූ 89 දෙනෙකුගේ විසිර යාම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අම්පාර ගුවන් හමුදා පුහුණු පාසලේදීයි. දක්ෂතා දැක්වූ නිලධාරීන්ට කුසලාන පිරිනැමීම ද මෙහිදි සිදුවුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/ship.jpg”]