fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කොදෙව් පළමු එක්දින ගැටුම එස් එස් සී පිටියේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 11:28

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10ක් ලබා සිටියදී බිද වැටුණා. සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 03යි. අනතුරුව පිටියට පිවිසි ඩැරන් බ්‍රවෝ,  ෂායි හෝප් සමග එක්ව ඉනිම ගොඩනැගිමට කටයුතු කළා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරා ද ඇතුලත්. දෙරට අතර මේ වන විට එක්දින තරග 58ක් පවත්වා ඇති අතර ඉන් 27ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. පසුගිය වසර දෙකකට ආසන්න කාලයේදී එස්එස්සී ක්‍රිඩාංගනයේ එක්දින තරගයක් පවත්වා නැහැ.

දෙරට අතර එස්එස් සී ක්‍රිඩාගනයේ තරග 04ක් පවත්වා ඇති අතර ඉන් තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගනිද්දි කොදෙව්වන් එක් තරගයක් ජය ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 11:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්