fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවට ලකුණු 107ක ජයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 10:27

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 107කින් ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ජොහැනස්බර්ග්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 196ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටිව් ස්මිත් ලකුණු 45ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ඩේල් ස්ටේන් කඩුලු 02ක් බිද හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 89ක් පමණයි. ෆෆ් ඩුප්ලේසිස් ලකුණු 24යි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2020 10:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්