fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 14:24

ඉරාන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මිලියන 58 කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පළාත් 31 ක ආසන 290 ක් සඳහා තරඟවදින අපේක්ෂකයන් පිරිස දහසය දහස් තිස් තුනක්.

කෙසේවෙතත් ඡන්ද දායකයන්ගේ උදාසීනත්වයක් දක්නට ලැබෙන බවයි එරට වාර්තා පවසන්නේ. ඉරානයේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ දහය තුළ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය සියයට 60 යි දශම 5 ක පැවැති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තා සඳහන් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 14:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo