යහපාලන රජය සංවර්ධන ව්‍යාපෘති නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කළුතර ජනතාවට අදටත් ලුණු මිශ්‍ර ජලය පානය කිරීමට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.
කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මේ දිනවල පවත්නා වියළි කාලගුණය හේතුවෙන් ගංගාවලට මුහුදු ජලය එක්වීමේ ප්‍රවණතාවක් පවතිනවා.
එයින් මහත්සේ පීඩාවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව බවයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LLcfkm4sagg”]