ජාත්‍යන්තර සිංහල සම්මේලනයේ උපදේශකයින් සහ ජාත්‍යන්තර පාලක සභාවට සිංහලාධිපතිවරුන් පත්කර ගැනීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා.
ඒ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් රට ජාතිය, සුරැකීම වෙනුවෙන් පෙළගැස්වීම අරමුණයි.
රටේ ජාතික අභිමානයට යම් හානියක් සිදුවන්නේ නම් එවැනි අවස්ථාවල ජාත්‍යන්තරය හමුවේ කරුණු දැක්වීමට ශක්තිමත් සංවිධාන අවශ්‍යවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සංගමයේ පාලක ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් ද අදහස් පළවුණා.
විශ්වවිද්‍යාලයක්, සම්මන්ත්රණ ශාලාවක්, ප්‍රදර්ශන මධ්‍යස්ථාන ආදී අංග රැසකින් මෙම මධ්‍යස්ථානය සමන්විතයි. මෙම අවස්ථාවට කථිකාචාර්ය වරුන් ඇතුළු පිරිසක් එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zODy06QcX0s”]