fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උමාර් අක්මාල්ට ක්‍රිකට් තහනමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 12:21

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ පාකිස්තාන ක්‍රිකට් ආයතන දූෂණ මර්දන පනතේ හතරයි හත එක වගන්තිය යටතේයි. මේ අනුව උමාර් අක්මාල්ට ක්‍රිකට් හා සම්බන්ධ කිසිදු ක්‍රියාවක නිරතවීමට නොහැකි බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරන බැවින් ඒ පිලිබද කිසිදු වැඩිදුර ප්‍රකාශයක් සිදු නොකරන බවද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මේ අතර එළඹෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී උමාර් අක්මාල් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු අදේශ කිරීම සදහා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අවසර ලබා දීමට ද  සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2020 12:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්