ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ සංශෝධිත අධිචෝදනා පත්ර භාරනොගෙන ප්රතික්ෂේප කිරීමට ත්රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. එම චෝදනා 882 කින් සමන්විතයි.
තවත් චෝදනා 19 කට අදාළ නඩු විභාගය මැයි මස 4 වනදා පැවැත්වීමට නියමිතයි.
බලපත්ර නොමැතිව පාවෙන අවිගබඩාවක් තබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.