fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 18:47

ජාතියේ ප්‍රාර්ථනාව ඉටු කරමින් මානව හිමිකම් කවුන්සිලයේ තිහ එක යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා. ඒ සදහා කැබිනට් අනුමැතිය ද හිමි වූ බවයි විදේශ අමාත්‍යවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් 2016 වසරේදී මානව හිමිකම් කවුන්සිලයට තිහ එක ඇතුළු යෝජනා රැසක් ඉදිරිපත් කළා. ඊට එවකට පැවති රජය සහාය පළ කරමින් සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකගත්වය පළ කළා. එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන  ඇතුළු මෙරටට එරෙහි බලවේග විසිනුයි මෙම චෝදනා ඉදිරිපත් කළේ. ඒ පිළිබද කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් වූයේ නැහැ.

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා නිලධාරීන් රැසකට මානව හිමිකම් කවුන්සිලය චෝදනා කරන්නේ මෙම පදනම් විරහිත කරුණු දැක්වීම් හමුවේයි. 2016 සිට අඛණ්ඩව මෙම යෝජනාවලට එකවකට පැවති රජය සම අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවා. එළඹෙන 24 වනදා ජිනීවා හි දී ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ පිළිබදව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 18:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්