fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායකත්වය යම් හෙයකින් අහිමි වුවත් ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරනවා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 17:52

නායකත්වය යම් හෙයකින් අහිමි වුවත් ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරනවා

විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය යම් හෙයකින් අහිමි වුවද ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරන බව වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ විස්යි විස්ස තරගාවලිය පිලිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි  ඔහු මෙම අදහස් පළ කළේ.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරුණා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. තිසර පෙරේරා ද මෙම සංචිතයට නම් කර තිබිම විශේෂත්වයක්. අබාධයට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශෙශාන් ජයසුරිය සංචිතයට කැදවා තිබෙනවා. තරගාවලියේ ජයග්‍රහකයින්ට පිදෙන කුසලානය මෙහිදි එළිදැක්වුවා. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා කොළඹ එස්එස්සී ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 17:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්