මොළේ සැත්කමක් සිදුකරන අතරතුර වයලීන් වාදනයක නිරතවන කාන්තාවක පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.
මොළේ ඇතිවූ පිළිකාවක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික මෙම කාන්තාවට ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කළා. 53 හැවිරිදි ඇය වෘත්තියෙන් වයලීන් වාදන ශිල්පිනියක්. ප්‍රබල සැත්කමක් වුවද එහි භයානකකම අදාළ කාන්තාවට මානසික පීඩාවක් නොවන අයුරින් සිදුකිරීමටයි වෛද්‍යවරුන් තීරණය කළේ. එමෙන්ම වයලින් වාදනයට අදාළවන මොළේ සෛල වලට සැත්කමේදී හානියක් සිදුවේද යන්න පරීක්ෂා කිරීම ද මෙහි එක් අරමුණක් වුණා. ඒ අනුව අදාළ සෛලවලට හානියක් සිදුවන්නේ නැතිව සැත්කම සිදුකිරීමට ඇයගේ වයලින් වාදනය හේතුවක් වුණා.