ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය නියෝගයක්
Related Articles
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළා.
තමන් අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා පොලිසියට ලබා දි ඇති උපදෙස් අභියෝගයට ලක්කරමින් ගිහාන් පිලපිටිය මහතා ගොණු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචානාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
නිසි ක්රමවේදයකට අනුකූලව මහේස්ත්රාත්වරයෙකු විසින් සිදු කරනු ලබන නියෝගයකට පරිබාහිරව පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බව අභියාචනාධිකරණය කියා සිටියා. පෙත්සම යළි සලකා බැලීම මාර්තු 12 වනදාට කල් තැබුණා.