fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 11:12

ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු සහ මාධ්‍යවේදියකු වූ අනුර මාධව ජයසේකර මහතා අභාවප්‍රාප්ත වුණා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අද (20) පෙරවරුවේයි අභාවප්‍රාප්ත වුණේ. ඓතිහාසික කතා මූලාශ්‍ර කරගනිමින් සිය නිර්මාන සිදු කිරීම විශේෂත්වයක්.  මහතලාහටන,  චක්‍රායුධය,  පෑලදොරෙන්,  කිරිඅම්මාවරු, සදඅහසට ආදරෙයි ඔහුගේ ටෙලි නිර්මා අතර වනවා. අභාවප්‍රාප්ත අනුර මාධව ජයසේකර මහතා සිය නිර්මාණ සදහා සම්මාන රැසකින්ද පිදුම්ලැබුවා.

කලක් ටෙලිනිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපතිවරයෙකු ලෙසද ඔහු කටයුතු කළා. ස්වාධීනරූපවාහිනිය සමග  සමීපව කටයුතු කළ ඒ මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයකු ලෙසද කලක්  සේවය කළා.

අභාවප්‍රාප්ත අනුර මාධව ජයසේකර මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්