fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තල් අයිස්ක්‍රීම් නිෂ්පාදන වෙළෙඳපොළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 11:44

තල් ආශ්‍රිත නිෂ්පාදන දිරිගැන්වීමේ අරමුණින් තල් අයිස්ක්‍රීම් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගැනුණා.

පසුගිය කාලය පුරාම තල් කර්මාන්තයට පැවතියේ අසුබ කල දසාවක්. යුද්ධය හේතුවෙන් තල් ගස් බොහෝ සෙයින් විනාශයට පත් වුණා. එමෙන්ම තල් ආශ්‍රිත නිෂ්පාදනවලට නිසි වටිනාකමක් ලබා නොදීමෙන් විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල තල් කර්මාන්තකරුවන් මහත් අපහසුතාවට පත්ව සිටියා. මෙම තත්ත්වය තේරුම් ගත් වත්මන් රජය තල් ආශ්‍රිත නිෂ්පාදන දිරිගැන්වීමට හා ප්‍රචලිත කිරීමට පියවර ගත්තා. ඒ අනුව තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් තල් අයිස්ක්‍රීම් නිෂ්පාදන හඳුන්වාදීමට පියවර ගැනුණා. තල් යුෂ හා ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මෙම අයිස්ක්‍රීම් සෞඛ්‍යයට ඉතා හිතකර බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. තල් අයිස්ක්‍රීම් හඳුන්වාදීම අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33