fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 10:08

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (21) ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වනවා.

රටවල් 10කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 08ක් සෘජුව තේරි පත් වුණා. බංග්ලාදේශය සහ තායිලන්තය සුදුසුකම් ලබා ගැනිමේ තරග වටයෙන් මෙවර  තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ලෝක කුසලානය ආරම්භ කරමින් පළමු තරගය හෙට (21) ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නිහිදි පැවැත්විමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට චමරි අතපත්තු නායකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය අනිද්දා (22) නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 10:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්