fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 09:43

බටහිර ඉන්දි කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණා. ඒ පිලිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. අබාධයට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශෙශාන් ජයසුරිය සංචිතයට කැදවා තිබෙනවා. තරගාවලියේ ජයග්‍රහකයින්ට පිදෙන කුසලානය මෙහිදි එළිදැක්වුවා.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 22වනදා කොළඹ එස්එස්සී ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා එක්දින පිල –  දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්