fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියේ ගිලීමෙන් ළමුන් හතර දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 09:23

අධ්‍යාපන චාරිකාවක් ගොස් මැදවච්චිය ගෝමරංකඩවල වැවේ දියනෑමේ නිරත වූ පාසල් සිසුන් හතර දෙනෙකු දිය රකුසාට බිලි වුණා. දරුවන් තුන්දෙනෙකු මේ වන විට මැදවච්චිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

හාලිඇල විද්‍යා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා මෙවර තෝරා ගත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයයි. එම චාරිකාව අතරතුර ඔවුන් මැදවච්චිය ගෝමරංකඩවල වැවේ දිය නෑමට එක්වුණා. ඊයේ පස්වරු හයට පමණ ඔවුන් දියනාමින් සිටියදී දරුවන් හතරදෙනෙකු දියේ ගිලුණා. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට සෙසු පිරිසට හැකි වුණේ නැහැ. ඒ සඳහා උත්සාහ දැරූ දරුවන් පිරිසක් ද දිය රකුසාට බිලිවීමට ගියද ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණා. හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසකුයි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. මියගිය දරුවන් ඇටැම්පිටිය, ඇල්ල, ගලඋඩ, හිගුරුගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. දහසකුත් එකක් බලාපොරොත්තු සහිතව දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නද  මෙය මහත් අවාසනාවන්ත සිද්ධියක් බවයි විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් ප්‍රකාශ කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2020 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්