fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රමුඛ අරමුණ වීරකුමාර පැහැදිළි කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 17:52

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රමුඛ අරමුණ වන්නේ බෙදී වෙන්වී සිටි ප්‍රගතිශීලී  බලවේග එක පෙරමුණකට ගෙන රටගොඩ නැගීම වෙනුවෙන් දැවැන්ත මහජන විශ්වාසයක් ගොඩනගා ගැනීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. සන්ධානයේ අරමුණු පැහැදිලි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචිය සදහා මැතිවරණ කොමිසමට වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙම සන්ධානය බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මෙරට දැවැන්ත පක්ෂ රැසක සහායෙන්. නව සන්ධානය බිහිවීම දේශපාලනයේ නව ගමනක ඇරඹුම බවයි වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්