fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID-19 මරණ දෙදහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 14:54

චීනයෙන් පිටතදි වාර්තා වන කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදිතයින් ගණන දහස ඉක්මවා තිබෙනවා.

චීනයට පසු ආසාදිතයන් වැඩම ප‍්‍රමාණයක් වාර්තා වන්නේ ජපානයෙන්. ඒ යොකොහොමා වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් පි‍්‍රන්ස් නෞකාවේ සිටි ආසාදිතයන් 545ක් ද සමඟින්. රටවල් 25කට වැඩි සංඛ්‍යාවකින් මේ වනවිට ආසාදිතයන් හදුනාගෙන තිබෙනවා. වෛරසය ආසාදනය හේතුවෙන් මියගිය ගණන දෙදහස ඉක්මවන බවයි චීන වාර්තා පවසන්නේ. ආසාදිතයින් සංඛයාව හැත්තැ හතර දහස ඉක්මවා තිබෙනවා.

මේ අතර වෛරසය ආසාදනයෙන් හොංකොං හි සිදුවු දෙවන මරණය ද වාර්තා වුණා. දකුණු කොරියාවෙන් ද නව ආසාදිතයන් දස දෙනෙකු වාර්තා වු බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ. කොරෝනා වෛරස ආසාදිතයන් පිළිබද චීනය විශේෂ අධ්‍යනයක් ද ආරම්භ කර තිබෙනවා. රෝග ව්‍යප්තිය ආසාදිතයන්ගේ තත්ත්වය ඇතුළු කරුණු පිළිබද නිශ්චිත තොරතුරු ලබා ගැනිමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්