fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ පෙත්සම හෙටට කල්යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 13:09

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කර ඇති රිට් පෙත්සම හෙට (20) සළකා බැලීමට අභියාචනාධිකරණය තිරණය කළා.

තමන් අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා පොලිසියට ලබා දි ඇති උපදෙස් අභියෝගයට ලක්කරමිනුයි ගිහාන් පිලපිටිය මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත්තේ. එය අද (19) පෙරවරුවේ අභියාචනාධිකරණයේදි සළකා බැලීමට කැදවූවා. පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම් කර ඇති වැඩබලන පොලිස්පතිවරයාට හෙට දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි භාරදීමට පෙත්සම්කාර පාර්ශ්වයට එහිදි  නියෝග කළා.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කරුණු වසන් කර ඇති බැවින් මුල් අවස්ථාවේම එය ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයක නිරත වීමට අදාළවයි ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දි තිබුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2020 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්