මෙරට දේශපාලනඥයින් නූගතුන් ලෙස ඇතැම් පිරිස් කරන ප්‍රකාශ වලට තමා දැඩිලෙස විරුද්ධ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය රචනා කළ සුදු කලු අළු කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේදී සිදුවුණා. එහි පළමු පිටපත පිළිගැන්වූයේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතාටයි. විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/c0OH7PU01rI”]