ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියා ජාතික අමීර් අලජී මහතා වැඩ භාර ගනු ලැබුවා. ඒ කොළඹ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මුලස්ථානයේදීයි.
මීට පෙර ශ්‍රී ලංකා පාපන්දු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ෆකිර් අලි මහතායි. ඔහුගේ වසර දෙකක සේවා කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ දක්ෂතා දැක්විමට අපොසත්වීම හේතුවෙන් සේවා කාලය දීර්ඝ නොකිරිමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කළා. ඒ හේතුවෙන් නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියා ජාතික අමීර් අලජී පත් කෙරුණා. ඔහු යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි කිහිපයකටද එක්විමට නියමිතයි.
ලබන මස 26 වනදා උතුරු කොරියාව සහ 31වනදා දකුණු කොරියා පාපන්දු කණ්ඩායම් සමග ද තරග වදිනවා. ජුනි මස 04 වනදා ලෙබනන් කණ්ඩායම සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබිමේ තරගාවලිටකටද මුහුණ දෙනවා.
ද්විත්ව පුරවැසි ලාභි රයන් පිරිස් සහ රිෆ් පිරිස් යන පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනාද ඉදිරියේදී අමීර් අලජී මහතා යටතේ පුහුණුවිම් කටයුතුවලට එක්වීම ද මෙහිදි සිදු වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/football.jpg”]
[ot-video type=”youtube” url=”https://youtu.be/6whCh7fvNWE”]