පේරු රාජ්‍යයේ ඩෙංගු වසංගතය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජනවාරි මාසයේ සිට මේ දක්වා පේරු රාජ්‍යයෙන් ඩෙංගු රෝගීන් පන්දහස් හාරසිය අසූ දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. ප්‍රාන්ත කිහිපයකම වැඩි වශයෙන් වසංගතයට ගොදුරුව ඇත්තේ කුඩා දරුවන් බව සඳහන්. ලෝකයේ වේගයෙන්ම පැතිර යන මදුරු වසංගතය ලෙසයි ඩෙංගු රෝගය හැදින්වෙන්නේ. ඒ සඳහා කිසිඳු විශේෂිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් මේ වන තෙක් සොයාගෙන නැහැ. ලෝකයේ ප්රබලතම සෞඛ්‍ය තර්ජන දහය අතරට ඩෙංගු රෝගයද ඇතුළත් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.