සම්පූර්ණ සුවය ලැබූ චීන කාන්තාව අද රෝහලෙන් පිටව යාමට සූදානම්
Related Articles
බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා ආපසු චීනය බලා අද පෙරවරුවේ පිටව යාමට නියමිතයි.
ශ්‍රී ලංකාවෙන් හමුවූ COVID-19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වන්නේ ඇයයි. සංචාරකයින් කණ්ඩායමක් සමඟ පසුගියදා මෙරටට පැමිණි ඇය සිය සංචාරය නිමකර ආපසු සිය රට බලා යාමට සූදානම්වන අවස්ථාවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පරීක්ෂා කිරීමේදී COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවුණා. මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලට යොමුවූ ඇය මේ වනවිට සම්පූර්ණ සුවය ලබාගැනීමට සමත්වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
*