fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 18:27

රාජ්‍ය අමාත්‍ය ජයන්ත  සමරවීර මහතාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ මහතා අධිකරණයට අද ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදා හැරුණා.

ජනතාවට හිරිහැරවන අන්දමින් බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටි බැවිනුයි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කළේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොණුකළ නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 24 වනදාට කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළා.2004 වසරේ සිට 2006 වසර දක්වා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේ නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 41කට අධික වත්කම් හා මුදල් උපයා ගත් බව කියන චෝදනාව සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොණුකර තිබුණේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්