කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, මහජනතාවට නොදන්වා පසුගිය රජය අනුමත කළ ජිනීවා යෝජනාවලින් ඉවත් වීමට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ චෝදනා පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරිමටත් රට පිළිබඳ වැරදි මත මානව හිමිකම් කවුන්සිලයේදී නිවැරදි කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගනු ඇති.
30 එක, 40 එක ඇතුලු ජිනීවා යෝජනා කිහිපයකට එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර සහාය පළ කළා. ඊට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත්තා. ඒකපාර්ශ්වික චෝදනා ගණනාවක් මුල්කර ගනිමිනුයි රණවිරුවන්ට එරෙහි මෙම යෝජනා ජිනීවා වෙත 2015 හා 2016 වසරවල ඉදිරිපත් කෙරුණේ. එහිම දිගුවක් ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද ඇමෙරිකාවට ඇතුලුවීම තහනම් කෙරුණා.
රණවිරුවන්ට එරෙහි බොහෝ සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාව, විදේශයන් හි ක්‍රියාත්මක එල්ටීටීඊ හිතවාදීන් ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන විසිනුයි. ඒ පිළිබඳ පිළිතුරු ලබා දීමේ අයිතිය ද අවලංගු කරමිනුයි මානව හිමිකම් කවුන්සිලය මෙම චෝදනා 2015 හා 2016 වසරවල එල්ල කළේ. ලක්ෂ තුනහමාරකට අධික සිවිල් ජනතාව නිරුපද්‍රිතව ත්රස්තවාදයට එරෙහි සටනින් බේරා ගැනීම ඇතුලු මෙරට හමුදාව සිදු කළ මානුෂීය ක්‍රියාමාර්ග කිසිවක් මෙම වාර්තාවල ඇතුළත්ව නැහැ.
එවකට රජය ඊට සමඅනුග්රහය දැක්වීමෙනුයි වර්තමානය වන විට රණවිරුවන්ට හා රටේ භෞමික අඛණ්ඩතාවට එරෙහි බටහිර වැඩපිළිවෙළ මෙසේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව ලබන 24 වනදා ආරම්භ වන ජගත් මානව හිමිකම කොමිසමට ඉදිරිපත් කිරිමට ද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය ඒ සියලු චෝදනාවලට සාක්ෂි සහ පිළිතුරු සහිතව කරුණු දැක්වීමට ජිනීවා සමුළුවට සහභාගි වීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=f0cLJGE0TuQ&feature=youtu.be”]