fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශානිත් කන්දප්පාත් බුද්ධි අංශ පාවාදුන් හැටි කරන්නාගොඩ හෙළි කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 18:39

මෙරට රණවිරුවන් දඩයම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නොහොත් කන්දප්පා යන නිලධාරීන් කටයුතු කළ බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද හෙළිකළා. ඒ 2015 සිට 2019 දක්වා සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදෙමින්.

2015 සිට 2019 දක්වා සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව අද කැඳවූ අතර එහිදී සාක්ෂි ලබාදුන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් රණවිරුවන් දඩයම් කිරීමේ අරමුණෙන් අසත්‍ය චෝදනා සිදුකරමින් තම පරීක්ෂණ කටයුතු සිදුකළ බව කරන්නාගොඩ මහතා කොමිසමේ දී කියාසිටියා. එවැනි ක්‍රියා හේතුවෙන් ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් සිදුවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් ඔහු කොමිෂන් සභාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අනතුරුව වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගෙන් විමසා සිටියේ 2009 වසරේ යුද්ධය අවසන්වීමත් සමඟම සිදුවූ යම්කිසි විශේෂ සිදුවීමක් පිළිබඳව තමාට මතකද යන්නයි. ඊට පිළිතුරු ලබාදුන් කරන්නාගොඩ මහතා සඳහන් කළේ 2009 වසරේ මැයි මස 10 වන දින තමා යටතේ සේවය කළ කොමදෝරු බණ්ඩාර නමැත්තා තමන් හමුවට පැමිණි බවත් එහිදී තමන් යටතේම සේවය කරන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ නමැත්තා තරුණයින් පස්දෙනෙක් සඟවාගෙන සිටින බවත් ඔහු සඳහන් කළ බවයි. අනතුරුව තමන් ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ කැඳවා මේ පිළිබඳ විමසූ බවත් එහිදී සම්පත් මුණසිංහ අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළ බවත් වසන්ත කරන්නාගොඩ මහතා කොමිසම හමුවේ කියාසිටියා. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණු බවත් එහිදී අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා යන නිලධාරීන් මෙම පරීක්ෂණ ඒකපාර්ශිකව සිදුකරගෙන ගිය බවත් වසන්ත කරන්නාගොඩ මහතා කොමිසම හමුවේ කියාසිටියා. කොමිසම හෙට කැඳවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්