ලක්ෂ නවයක ජනතාවක් අවතැන් වුවද සිරියාවේ ඉඩ්ලිබ් මෙහෙයුම නතර කරන්නේ නැති බව සිරියා ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
මෙම මෙහෙයුම්වලින් අවතැන්ව සිටින ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් හා කුඩා දරුවන් බව ජගත් සංවිධානය පවසනවා. සිරියා ජනාධිපති බසාර් අල් අසාද් ප්රකාශ කළේ කිසි ලෙසකින්වත් මෙම මෙහෙයුම් නතර කරන්නේ නැති බවයි. මෙහෙයුම් නවත්වා සටන් විරාමයක් ක්රියාත්මක නොකළහොත් 21 වන සියවසේ විශාලතම මානව ඛේදවාචකය බවට මෙය පත්විය හැකි බවයි ජගත් සංවිධානය පවසන්නේ.